Wednesday, July 25, 2012

120 කැස්බෑව - ‍කොළඹ


‍මේ කියන්න යන්‍නේ අද ‍මේ දවස් ටි‍කේම වැඩට යන‍කොට මුහුණ දීපු අසික්කිතම සිදුවීමක් ගැන.. ඔන්න ඉතින් උ‍දේ පානදර කුකුළා අතින් අරන් නාල කරල එ‍හෙම ම‍ගේ අහිංසක ‍බොක්සර් රාජය‍ගේ පි‍‍ටේ නැගල ‍‍බුදු‍නේ ‍දෙයිය‍නේ කියල එලියට බහින්‍‍නේ ටක් ටික් ගාල අ‍පේ ඔපිස කැල්ලට යන්න හිතා‍ගෙන.. අ‍නේ ඉතින් කැස්බෑව හන්දියට යනකන්නම් ‍දෙයියයන්‍‍ගෙ පිහි‍‍ටෙන් රූං ගාල යනව... ඔන්න එතනින් එහාට ‍දෙයියන්‍ගෙම පිහිටයි  සාදු සාදු...

‍කැස්බෑව හන්දි‍යෙන් එහාටනම් ප්‍රයිවට් බස් අයියල‍ගෙන් කිසීම කරදරයක් නෑ ඕං... එ‍ගොල්‍‍ලො හරිම විනීත විදියට බස් රථය පදවනව.. කවදාවත් ඉතින් පා‍‍‍‍රෙ මැදනම් බස් එක නවත්තල සෙනඟ නග්ගගන්නේ නෑනේ.. බස් නැවතුමක ඇ‍රෙන්න ‍වෙන ‍කො‍හේවත් නවත්තන්‍‍නෙ නෑ.. බස් එක නැවැත්තුවත් ඉතින් හරි ‍කෙලින් නවත්තනව.. එක  ‍කොනක් පාර මැද අනික් පැත්ත ගානට පාර අයිනට හිටින විදියට.. හරිම හොඳ අයියල අප්පා ආසාවේ බෑ මේ මිනිස්සු බස් එක අරන් යන විදියට.. කවදාවත් මේ බස් වලට පස්සෙන් වාහන තද බදයක්නම් ඇත්තේම නැති තරම්.. මේගොල්ලෝ හැම වාහනයකටම ඉස්සර කරනන්න ඉඩ දීලා පාරෙ අයිනෙම්ම තමයි බස් එක අරන් යන්නේ ඒක තමයි මං කිය‍න්නේ මේ අය හරිම විනීත නීතිගරුක රියදුරෝ කියල... ‍මො‍කෝ ඉතින් මහ පාර ‍මේ අයියල‍ගේ අම්ම අප්පච්චිලා‍ගේ ‍දේපල ‍නෙ‍වෙයි‍නේ ‍නේද??? මගීන්ට උනත් ඉතින් කිසි කරදරයක් නැතිව පැය දෙක තුනකින් කොළඹට යා ගන්න එක මේ කාලෙ හැටියට කොච්චර හොඳ දෙයක්ද මං අහන්නේ.. ඈ..

ඉතින් ‍‍මේක බලන ඔය කැස්බෑව - ‍කොළඔ බස් වල යන  මගීන් එ‍හෙම ඉන්නවනම් ‍මේ ගැන කියල දන්වන්ට‍කෝ ඈ ‍කොම‍නේටුවක් එ‍හෙම දාලා.. ‍මේ අයියල පිලියන්දල ටවු‍මෙනම් විනාඩි 10-15 කට වැඩිය නවත්ත‍ගෙන ඉන්‍‍නෙ නෑ... ‍‍‍හරිම ‍හොඳ අයියල ‍නේ... අනිත් ‍පුද්ගලික බස් අයියලත් ඉතින් ඔ‍හොමම තමයි.... 

පුද්ගලික බස් වලට ජය ‍වේවා...... ඈ...


No comments:

Post a Comment